නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →

මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද?

අද අපි සාර්ථක කරගත හැකි සිහිනයක ලක්ෂණයක් වන මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද? ගැන කතා කරමු. එනම් අපේ සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන (Measurable). අපි බොහොම පහසු උදාහරණ ගනිමු. ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්... ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්, කොපමණ කිලෝ ගණනක් අඩු කරගැනීම... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගන්න

සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ කරගන්නට දිනයක් තීරණය කිරීම. සිහිනයක් සැබෑ කරගන්නට කැමතිනම් අනිවාර්යයෙන්ම එය සැබෑ වන දිනයක් සිතේ තදින් පැලපදියම් කරගැනීම කල යුතුයි. ඔබේ සිහිනය නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට නම් මේ නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් හෝ බණ දේශනාවක් හෝ... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට නම් ඔබේ සිහිනය නිශ්චිත විය යුතුයි – To make your dream come true, be specific

මෙය මහා ලොකු සංකීර්ණ දෙයක් නොවේ. කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් "බිස්කට් පැකට් එකක් දෙන්න" කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. "මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න" නැතිනම් "මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න" යනාදී විදියටයි අපි අපට අවශ්‍ය දේ ඉල්ලන්නේ. ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ... Continue Reading →

සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ හඳුනා ගනිමු – A Dream You Can Realize…

අද අපි ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක් ඉගෙනගනිමු - සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ හඳුනා ගනිමු. ඔබේ සිහිනය ගෙයක් හදා ගැනීම වුනත්, නව රැකියාවක් හෝ විභාගයක් සමත් වීම වුනත්, විවාහයට සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම වුනත් කොයි ආකාරයේ එකක් වුනත්, එක යථාර්තයක් මතක තබාගන්න. ඔබේ සිහිනය යථාර්තයක් කරගැනීමට ඔබ සතුයි. ඔබ යමක්... Continue Reading →

යෞවනය

යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →

ඔබ ප්‍රිය කරන රැකියාවක් හොයන්නට අද සිටම කළ හැකි දේ 3ක්

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 4ක් නමින් මා ලියු ලිපියට මෙහෙමෙ Facebook කමෙන්ට් එකක් තිබුණ, "එහෙම රැකියා නැහැ" කියා. මේ ලිපිය ලියන්නට හිතුවේ එනිසාමයි. Photo by icon0.com from Pexels ඔබ ප්‍රිය කරන, ආසාවෙන් යෙදෙන්නට හැකි රැකියාවක් සොයාගැනීම පහසු නැහැ. එය නම් සත්‍යයක්. නමුත් එය කළ හැකියි. තම රැකියාවට ආදරය කරන, ප්‍රිය කරන අය මිලියන ගණන් ඉන්නවා. ඔවුන්... Continue Reading →

ජීවන සිහින සැබෑ කරගැනීමට අත්වැලක්

අපි හැමෝම ජීවන මගේ ඉදිරියට යන්නේ ජීවන සිහින ගොඩක් හිතේ පොදි බැඳගෙන. නමුත් විවිධාකාර හේතු නිසා අපට මෙයින් බොහොමයක් සැබෑ කරගන්නට නොහැකි වෙනවා. සිහින බොඳ වීමට හේතු එයින් එක ප්‍රධාන හේතුවක් තමයි අපට සිහින් සැබෑ කරගන්නට අවශ්‍ය වන මුදල් නොමැති වීම. අප මේ ගැන දන්නා නිසා තමයි මුදල් පාලනය දියුණුව YouTube චැනලයේ එක ප්‍රධාන කොටසක්... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: