ඔබගේ ඉංග්‍රීසි වදන් කෝෂය පුළුල් කරගැනීමට වීඩියෝ පාඩමක් සහ ඒ ගැන දිරිමත් වීමට අත්වැලක් වන මෙවලම්

පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න.

සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම

මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.
මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන් මේ පාඩම් ලබාගන්න ඔබට පුළුවන්.

වාක්‍ය කිහිපයක් ලියන්න උත්සාහ ගන්න

පළමු ඉංග්‍රීසි පාඩම අවසාන නම් දැන් සුළු විවේකයක් අරන් එම පාඩමේ ඉගෙනගත් වචන වාක්‍ය වලට හරවා වාක්‍ය කිහිපයක් ලියන්න උත්සාහ ගන්න.

යමක් ඉගෙනීමේදී අපගේ ඇස් කණ මෙන්ම යොදාගතහැකි සියලු ඉන්ද්‍රියයන් යොදාගැනීමෙන් එම ඉගෙනීම මනසේ සපත කරගැනීමේ හැකියාව වැඩි වෙනෙවා.

ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills

ඉගෙනුම් කුසලතා ගැන දියුණුව ඉදිරිපත් කළ මේ ලිපියද කියවා බලන්න. එමගින් ඔබේ දැනුම දියුණු කරන්නට ඔබේ අධිෂ්ඨානය තවත් තීව්‍ර කරගැනීමට හැකි වේවි.

ඔබ දියුණු වෙන්න අකමැතිද? අකමැති විදියට ජීවත් වෙන අයට ප්‍රශ්න 6ක්

ඔබේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න විනාඩි 15ක් වැනි කාලයක් යොදන්න ඔබට පහසුවෙන් හැකියි. එසේ නොවේද?

බැහැ කියලා හිතන අයට මගේ මේ වීඩියෝව නරඹන්න ආරාධනා කරනවා.

ඔබ දියුණුව YouTube චැනලයට ගිය විට එයට අමතක නොකර SUBSCRIBE කරන්න. එහි ඇති අනික් වීඩියෝ නරඹා ඔබේ හිතමිතුරන්ට ඒ ගැන කියන්න. Share කරන්න.

මී ළඟ පාඩමත් තවත් ඉගෙනීමට උපකාර වන තොරතුරුත් රැගෙන ඔබ හමුවන තෙක් ඔබට ජය!

මේ ලිපි පෙළ ගැන ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට මා ඔබට ආරාධනා කරනවා.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: