
ඔබ අසම සමය !
මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටම
ඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.
ඉදිරියේ එළැඹෙන කාලය තුලදී ද
ඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.
ඔබ මනසේ පිළිසිඳගන්නා හෝ
ඔබ මනසින් විශ්වාස කරන
ඕනෑම දෙයක් ලබා ගත හැකි යැයි
ඔබ විශ්වාස කරන්නේ නම්
ඔබට එය කල හැකිය.
වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසා
සිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.
ඔබ ක්‍රියාත්මක විය යුතුය.
සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත් නැත
ඔබ විශ්වාස කල යුතුය.
විශ්වාස කිරීම ආශ්චර්යයකි !!
ඔබ විය යුතු යැයි ඔබ විසින් විශ්වාස කරන
පුද්ගලයා බවට ඔබ පත්වනු ඇත.
සාර්ථකත්වය වනාහී ආකල්පයකි.
වඩාත් උසස්, ඉහළ ඉලක්කයක් තබාගන්න.
සඳ වෙත ලඟා වීමට වෙර දරන්න.
මන්ද යත්, ඉලක්කය වැරදී ගියද…
ඔබ මහ පොළොව වෙත පැමිණෙන විට
වලාකුළු අහුරක් හෝ ඔබ අත රැඳෙනු ඇත.
ඔබේ ඉලක්කයන් පැහැදිලිව නිශ්චය කරගන්න.
දැනටමත් ඔබ ඒවා වෙත ලඟා වී ඇති අයුරින්
ඒවා සිතින් මවාගන්න.
ඔබේ සැළසුම සාදා ගන්න…
දැන් ඒ අනුව ක්‍රියාත්මක වන්න
එය මේ දැන්ම කරන්න.
පළමුවෙන් ඔබ සාර්ථක නොවෙනු ඇත.
උත්සාහ කරන්න…නැවත උත්සාහ කරන්න.
එක මගකින් සාර්ථක නොවේ නම්
වෙනත් මගක් ඔස්සේ උත්සාහ කර බලන්න
පරාජය විසින් ඔබ පරීක්ෂාවට බඳුන් කෙරෙනු ඇත
ඔබ නැවැත්විය යුතු නොවේ
අඟලින් අඟල සියළු දේ ලඟා වනු ඇත
පරාජය වීම කිසි කලෙකත් සිදු විය නොහැක්කකි
එහෙත් ඒ ඔබ අත් නොහරින්නේ නම් පමණි
ඕනෑම ගැටළුවක් සඳහා විසඳුමක් තිබෙණු ඇත
සියළුම ගැටළු ඒ හා සමාන හෝ
ඊට වඩා උසස් වූ යහඵලයක බීජය
ඒ සමඟ රැගෙන එයි.
ඒ යහඵලයන් දෙස නෙත් යොමන්න.
ප්‍රාර්ථනාවෙන් පමණක් දියුණුව ලඟා නොවෙයි.
නමුදු, සිහින දැකීම, සැලසුම් කිරීම,
දරා සිටීම සහ ඔබගේ දැඩි පිපාසාව
ඔබ ඒ වෙත රැගෙන යයි.
වඩා විශිෂ්ඨ වූ සිහින දකින්න…
ඔබේ සිහිනයට වඩා අඩු තත්වයකට පත් නොවන්න…
ඔබ විසින් කරනු ලැබිය හැකි විශාලම අත් වැරැද්ද නම්…
අත්හැර දැමීමයි.
කිසි විටෙක අත්හැර නොදමන්න
කිසි විටෙක් ඔබට නොහැකි යයි නොපවසන්න
ඔව් ! ඔබට සියල්ල කළ හැකිය…
ඒ ඔබ විශිෂ්ඨතමයා වන බැවිනි.
(මාෂල් මෙන්ඩි පද පෙළකි)
#lawofattraction #lawofsuccess
Thanks to Harsha Amaratunga and Sabeetha Wanniarachchi for sharing on LinkedIn.
Leave a Reply