හොඳින් සිතා බැලුවොත් දරුවන්ට පමණක් නොව කොයි වයසේ කොයි කාටත් මේ ඔවදන් වැදගත්ය.
දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න.

කුණු සරුප නො කියනු
කේලම් වචන නොකියනු
විහිළු බොරු නොකියනු
ඇනුම් පද කිසිවෙකුට නොකියනු
බොරු කීම කැත ම ය
ගැරඬි කුණටත් නො සම ය
ඇත්ත නම් කදිමය
මේ ලොව රජ සැපතටත් නො සම ය.

අතින් අත බැඳ පෙළ
නොයන් මං මාවත් වල
තැනින් තැන කඩ වල
නොයන් කරුණක් නැතිව කිසි කල
තැනින් තැන ගෙන් ගෙට
ගොසින් බලමින් වට පිට
අනුන් කන බොන විට
ලොබින් නොඉඳින් නැතත් කෑමට

දනන් නීති ගැවසෙන
තැනින් කුඩ ඉසලා ගෙන
සැරෙන් බස් කියමින
ගම නොකරන් උඩඟු විලසින
පාරේ යන එන විට
අයින් වීමෙන් දකුණට
දුව පැන දඟ නොකොට
ගමන් කළ යුතුය හැම විට

සුදූ කෙළි පලකට
කෝලාහල කරන තැනකට
තැබෑරුම් පොළකට
යාම හොඳ නැත බලා හිඳුමට
අඟුරු හුණු කැට ගෙන
විහිළු නොලියනු තැන තැන
බිත්ති කණු කිසි තැන
යමක් නොලියනු අයුතු විලසින
ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා විසින් රචිත
සිරිත් මල්දම කෘතියෙනි
දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න.
#දියුණුව #kids #success DiyunuwaBlog.com | @Diyunuwa | Facebook.com/DiyunuwaYouTubeChannel
Leave a Reply