නිලූකා දිසානායක විසිනි
FREE ව්‍යාපාරික සැලසුම (BizPlan01) වැඩමුලුවට රෙජිස්ටර් වීමට:
දිගු ගමනක් යන්න සුදානම් වන ආකාරයට වඩා බොහෝ වෙහෙසවී ප්‍රවේසමෙන් තමයි කොයි විදියේ ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියා ව්‍යාපෘතියකටත් අත ගැසිය යුතු වන්නේ. නිකම් නොවේනේ “දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග” කියා අපේ මුතුන්මිත්තන් කීවේ. හේතුවක් සහිතවයි.
ව්‍යාපාරයක් යනු අවදානමක් ගැනීමක්
අන්ධව අවදානමක් ගැනීම අනුවණයි. අවදානමක් ගත යුත්තේ හොඳින් හිතා බලා. ඔබ ගත යුත්තේ ඔබ හොඳින් තේරුම් ගත් අවදානමක්. ඉංග්‍රීසියෙන් මෙයට අපි කියන්නේ ගණනය කල අවදානම (calculated risk) කියල.
පටන් ගන්න ව්‍යාපාරවලින් වසර පහකට පසු ඉතිරි වන්නේ සියයට 5කටත් අඩු ගණනක්. මෙය ශ්‍රී ලංකාවට නොව මුළු ලොවටම බලපාන යථාර්තයක්.
මෙයින් අදහස් වෙන්නේ අසාර්ථක වීම ගැන බිය වෙන්න කියන එක නොවේ. අසාර්ථක වීමෙන් අදිරිමත් විය යුතුය යන්නත් නොවේ. අසාර්තක වීම ජයග්‍රහණයට වඩා හොඳ ගුරුවරයෙක්. එයින් ඔබට බොහෝ වටිනා දේ ඉගෙන ගත හැකියි. නමුත් එය අධි වියදම් සහිත ඉගෙනුමක් වෙනවා.
නමුත් ඔබ යම් හෝ ව්‍යාපාරයකට යොදවන්නේ ඔබ හෝ ඔබේ දෙමාපියන් මහාන්සි වී උපයාගත් මුදල්. එය අපතේ නොයවා, එයින් නියම පල ලබාගැනීමට හැකිනම් එය වටිනවා නේද?
එනිසා තමයි අපි කවුරුත් ව්‍යාපාරයකට අත ගසන්නට පෙර, එම ව්‍යාපාරය ගැන දැනගත හැකි හැම දේ දැනගැනීමට උනන්දු විය යුත්තේ. හැම දේ කෙසේ වෙතත් බොහෝ දේ දැනගැනීම වැදගත්.
මෙන්න ඒ ගැන සාර්ථක ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ගේ අදහස්.
ඔබ දැනගත යුතු මොනවාද?
- ව්‍යාපාරික අදහස සාර්ථක ව්‍යාපාරයක් කරගෙනනේ කොහොමද?
- ඔබ ඉදිරිපත් කරන නිෂ්පාදනය හෝ සේවාව සඳහා තිබෙන වෙළඳපොල කොපමණද?
- එහි දැනටත් මේ දේ කරන ව්‍යාපාර කීයක් තිබේද?
- ඔබට මේ වෙළඳපොලෙන් කුමන කොටසක් දිනාගැනීමට හැකිද?
- ලාභ ලබන්න නම් වෙළඳපොලෙන් කොපමණ කොටසක් අවම වශයෙන් ලබා ගත යුතුද?
- එසේ කරන්නේ කොහොමද?
- ඔබේ නිෂ්පාදන හෝ සේවා සැපයුම් වියදම් මොනවාද?
- නිෂ්පාදනයේ හෝ සේවාවේ ගුණාත්මක බව කැප නොකර වියදම් අඩු කරගන්නේ කොහොමද?
- මේ දේ කරන අනික් ව්‍යාපාරිකයන්ගේ වියදම් රටා මොනවාද?
- ඔවුන් තම නිෂ්පාදනය හෝ සේවාවට ගනුදෙනුකරුවන් හොයන්නේ කොහොමද?
- ඔබේ ඔබේ නිෂ්පාදනය හෝ සේවාවට ගනුදෙනුකරුවන් හොයන්නේ කොහොමද?
- ඒ සඳහා කොපමණ වියදම් වේද?
- එක නිෂ්පාදනයකින් හෝ සේවා සැපයුමකින් ලැබෙන ලාභය කුමක්ද?
- මාසෙකට මේ ව්‍යාපාරය කිරීමෙන් රැකියාවකින් ඔබ වර්තමානයේ උපයන ආදායමට වැඩි ලාභයක් ලබාගත හැකිද?
- ප්‍රවාහන වියදම් මොනවාද?
- බෙදාහැරීමේ වියදම් මොනවාද? කොමිස් යනාදිය කොපමණක් ගෙවිය යුතුද?
- ඔබට දිනකට සතියකට මාසයකට කොපමණ නිෂ්පාදන කර හැකිද?
- කොපමණ සේවා ලබාදිය හැකිද?
- තව කාගේ හරි උපකාර අවශ්‍ය වේද? ඔවුනට කොපමණ ගෙවිය යුතුද?
- ව්‍යාපාරය අරඹන්නට පෙර කොපමණ මුදලක් උපකරණ සහ තොග රැස කරගන්නට යට කළ යුතුද?
- ඒ සඳහා ඉතුරුම් ඔබ සතුද?
- ඔබේ ව්‍යාපාරය ලාභ ලබන්නට කොපමණ කල් ගතවේද?
මේ සියලු ප්‍රශ්නවලට සහ තවත් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ඔබ සොයා ගත යුතුනේ?
එනිසා තමයි ව්‍යාපාරික සැලැස්මක් හදාගැනීම වැදගත් වන්නේ.
ව්‍යාපාරික සැලසුම් කඩදාසියට වඩා එම කටයුත්තේදී ඔබ විසින් කරන්නට යෙදෙන සිතිවිලි සම්භාරය, සහ එය ලිවීමට අවශ්‍ය තොරතුරු සෙවීමෙන් ඔබ එකතු කරගන්න දැනුම් සහ අත්දැකීම් සම්භාරය බොහෝ වටිනවා.
මා විශ්වාස කරන විදියට සැලසුම් ක්‍රියාවලිය අවසානයේ හදාගන්න ව්‍යාපාරික සැලසුම් කඩදාසියට වඩා එම කටයුත්තේදී ඔබ විසින් කරන්නට යෙදෙන සිතිවිලි සම්භාරය, සහ එය ලිවීමට අවශ්‍ය තොරතුරු සෙවීමෙන් ඔබ එකතු කරගන්න දැනුම් සහ අත්දැකීම් සම්භාරය බොහෝ වටිනවා.
මේ වැඩමුළුව වැදගත් වන්නේ කාටද?
ඔබ මේ කොයි කාණ්ඩයට අයත් වුනත්, ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීම ඔබට වටිනවා.
- ඔබේම ව්‍යාපාරයක් ඇරඹුමට සිහින මවන ඔබට
- ව්‍යාපාරික අදහසක් හරිහැටි තෝරා ගැනීමට වෙහෙසෙන ඔබට
- ව්‍යාපාරික අදහස් කිහිපයක් අතරින් ඔබට වඩාත් ගැලපෙන, සාර්ථක ව්‍යාපාරයක්
- ගොඩනගා ගැනීමට හැකි අදහසක් තෝරා ගැනීමට අපහසු ඔබට
- පටන්ගත් කුඩා ව්‍යාපාරය දියුණු කරගන්නට වෙර දරන ඔබට
- පවුලේ ව්‍යාපාරයකට සහභාගී වී එය දියුණු කරගන්නට උත්සාහ කරන ඔබට
- සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්නට සැරසෙන ඔබට
බැංකු ණයක් අවශ්‍ය වුනත් නැතත් ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීම වැදගත්
බැංකුවට ගෙනියන්න පුළුවන් ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීම ව්‍යවසායකයින්ට හෝ තමන්ගේ ව්‍යාපාරයන් පටන්ගන්න සිහින මවන අයට අතිශයින් වැදගත්. එලෙසම බැංකු ණයක් අවශ්‍ය නොවුනත්, තමන් කරන්න යන දේ ගැන නිසි, ක්‍රමානුකුල සැලසුමක් සාදාගැනීම වගේම ඒ ගැන ක්‍රමානුකුලව සිතාබැලීම අතිශයින් වැදගත්.
ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමේදී තොරතුරු සොයාගැනීමේදී, තොරතුරු එකට ගොනු කිරීමේදී අප ලබන අත්දැකීම අවසානයේ සාදාගන්නා සැලසුම මෙන්ම වටිනවා.
එනිසාමයි “ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?” ඔන්ලයින් වැඩසටහනක් කරන්න හිතුවේ.
“ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?” – අන්තර්ගතය
- ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු
- යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද?
- ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම මෙන්ම
- ඉහත සඳහන් කළ ප්‍රශ්න සමහරකට විසඳුම් ඇතුළු
- ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු රැසක් මේ වැඩසටහනේදී ඉගෙනගන්න ඔබට හැකි වෙනවා.
මෙහෙයුම
නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde)
- දියුණුව බ්ලොග් සහ දියුණුව YouTube චැනල නිර්මාතෘ
- අත්වැල ව්‍යාපාරික සඟරාවේ හිටපු කළමනාකරණ සංස්කාරක
- නායකත්වය, ව්‍යාපාරික සංවර්ධන උපායමාර්ග සහ මුල්‍ය කළමනාකරණය පිලිබඳ දේශිකා
- දේශිකාව ගැන වැඩි විස්තර සඳහා ඇගේ LinkedIn පිටුව සහ Facebook පිටු බලන්න.
Leave a Reply