ප්‍රවීණ මානව සම්පත් කළමනාකරණ උපදේශක, එම්.යූ.ජේ. ද සිල්වා විසිනි.
තමන් යටතේ සේවය කරන්නන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහාද ව්‍යාපාරිකයෙකු විසින් දැනගත යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත දැක්වීම මෙම ලිපියේ අරමුණයි.
හැඳින්වීම
දශක ගණනාවකට පසු විශාල, මධ්‍යම සේම සුළු වියාපාරිකයින්ද තමන්ගේ ව්‍යාපාරවල සේවය කරන සේවකයින් පිළිබඳව දක්වන උනන්දුව වැඩි වී ඇති බව අපට පෙනී යයි. ඒ අරමුණ වනුයේ තමන් යටතේ සේවය කරන කරන්නන් ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා ව්‍යාපාරිකයෙකු විසින් දැන සිටිය යුතු මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත කීපයක් ඉදිරිපත් කිරීමයි.
සේවකයන් විශ්වාස කිරීම
සේවකයින් බඳවා ගැනීම විධිමත්ව කළ යුතු අතර සේවකයෙකු බඳවා ගත් පසු ඔහු විශ්වාස කිරීමත් ඔහුට ඒ බව ඇඟවෙන අයුරු කටයුතු කිරීමත් ඉතා වැදගත්ය. බොහෝ සමාගම් වල පනවා ඇති නීතිරීති සියල්ලක්ම ගොඩනඟා ඇත්තේ කිසිවකු විශ්වාස කළ නොහැකි ය යන පදනම මතය. අප යම් කිසි කෙනෙකු විශ්වාස කළහොත් ඔහු ඒ විශ්වාසය බිඳ දැමීමට ඉතාමත් මැලි වෙයි. එහෙත් කෙනෙකු විශ්වාස නොකරයි නම් ඔහු වැරදි කිරීමට මැලි නොවේ. මානව සම්පත් කළමනාකරණය ගැන නිසි අවබෝධයක් ඇති අය මේ කරුණු වටහාගෙන තම නීති රීති ක්‍රියා ක්‍රියාපටිපාටි යළි විමර්ශනය කරති.
සේවකයෙකු බඳවා ගත් පසු ඔහු විශ්වාස කිරීමත්
ඔහුට ඒ බව ඇඟවෙන අයුරු කටයුතු කිරීමත් ඉතා වැදගත්ය.බොහෝ සමාගම් වල පනවා ඇති නීතිරීති සියල්ලක්ම
ගොඩනඟා ඇත්තේ කිසිවකු විශ්වාස කළ නොහැකි ය යන පදනම මතය.
පාරිභෝගිකයින්ට මෙන්ම තම සේවකයින්ටද සැලකීම
පාරිභෝගිකයා දෙවියෙකි එසේත් නැත්නම් රජෙකි යනාදි වශයෙන් හඳුන්වන බොහෝ අය මෙම සැලකිල්ල තම සේවකයින් වෙත ලබා නොදෙති. සේවකයන්ට නොසලකන ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගිකයෝ ළඟා නොවෙති. මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබට සාර්ථක ව්‍යාපාර දෙස බැලීමෙන් වටහා වටහාගත හැක. සේවකයින් තෘප්තිමත් නොවේ නම් ඔවුන් කිසි දිනෙක පාරිභෝගිකයන් තෘප්තිමත් වන ආකාරයේ සේවයක් ලබා නොදෙනු ඇත. එහෙත් මෙය තේරුම් නොගත් ව්‍යාපාරිකයින් සංඛ්‍යාව ඉතා විශාලය.
මානව සම්පත් වැඩි දියුණු කළ හැක
වෙනත් සම්පත්වලට වඩා මානව සම්පත වෙනස් වනුයේ එහි වටිනාකම පුහුණු කිරීම තුළින් වර්ධනය කළ හැකි නිසාය. පුහුණු වූ පසු සේවකයෝ තම ව්‍යාපාරය අතහැර වෙන තැනකට යතියි යන අදහසින් මහත් බියෙන් බොහෝ ව්‍යාපාරිකයෝ පුහුණු කිරීම සඳහා වියදම් නොකරති. එමෙන්ම පුහුණුවට යොදවන මුදල් වල ප්රතිලාභ ලැබීමට කිසියම් කාලයක් ගතවේ. ඒ නිසා සමහර අය මේ ගැන අවධානය යොමු නොකරති. මානව සම්පත් කළමනාකරණ විශේෂඥයන්ගේ මතය නම් මේ සඳහා වැය කරන සෑම රුපියලකටම රුපියල් 30ක ප්රතිලාභ වසර 1-2කින් පමණ ලබා ගත හැකි බවය. සේවකයින් දිරි ගැන්වීම සඳහා උපයෝගි කරගත හැකි ඉතාමත් වැදගත්ම උපායක් නම් ඔවුනට අවශ්‍ය පුහුණුව ලබාදීමයි. මෙයින් ව්‍යාපාරිකයාට මෙන්ම සේවකයාටද ප්‍රයෝජන අත්වේ.
සේවකයා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ව්‍යාපාරය තුළය
සේවකයා සිය දවසේ වැඩි කාලයක් ගත කරනුයේ සිය ස්වාමියාගේ ව්‍යාපාරය තුළය. එමෙන්ම ජීවිතයේ වැඩි කාලයක් බොහෝ විට ඔහු ගත කරනුයේත් මෙම සේවා ස්ථානය තුළය. ඒ නිසා ඔහුට මෙම පරිසරය ඉතා වැදගත් වේ. එය අසහනකාරී එකක් වුවහොත් එම බලපෑම ඔහුගේ පවුල් ජීවිතයටද බලපානු ඇත. සේවා ස්ථානයේ භෞතික පරිසරය මෙන්ම සේවකයින් අතර පවතින මානුෂික සම්බන්ධතාවන් ගැනද ව්‍යාපාරිකයා දක්වන සැලකිල්ල ඔහුගේ ව්‍යාපාරයේ දියුණුවට බලපාන වැදගත් සාධකයකි.
ව්‍යාපාර සැලසුම් පිළිබඳව සේවකයින් දැනුවත් කිරීම
ව්‍යාපාරයක සැලසුම් කිරීම සඳහා සේවකයින් සහභාගි කරවා ගත හැකි නම් ඒ පමණටම ඔවුන් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වනවා ඇත. ඔවුන්ගේ අදහස් හා යෝජනා බොහෝ අවස්ථාවලදී ඉතා වැදගත් විය හැක. සේවකයාගේ අත් පා පමණක් නොව ඔහුගේ මොලයෙන්ද ප්‍රයෝජන අත්පත් කර ගැනීමටද ව්‍යාපාරිකයාට හැකියාවක් ඇත. එහෙත් මේ ගැන ව්‍යාපාරිකයින් දක්වන සැලකිල්ල ඉතාමත් අල්ප වේ.
Leave a Reply