සාර්ථක අලෙවිකරුවෙකු වීමට පදනම ලෙස ඔබ දත යුතු කරුණු දත යුතු කරුණු කිහිපයකි මේ.
බාහිර පෙනුමෙන්
- පිරිසිදුව චාම්ව පිළිවෙලකට ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳීමට පුරුදු වීම.
- දත කට මැද නියපොතු කපා රැවුල පිළිවෙලකට කපා සකස් කර හිස මනා ලෙස පීරා සිටීම
- නිතරම අවංක වූ මෘදු ලස්සන සිනහවකින් සංග්‍රහ කිරීමේ හැකියාවක් ගොඩනඟා සිටීම
- තම අලෙවි ක්ෂේත්‍ර රාජකාරියට අදාළ භාණ්ඩ මෙවලම් පිරිසිදුව පිළිවෙළකට තබාගැනීම
- තම නිල රථය යතුරු පැදිය සහ කාර්යාලයීය බෑගය, ජංගම දුරකථනය, කැල්කියුලේටරය, ෆයිල් කවර, ලිපි ද්‍රව්‍ය හා පෑන් පැන්සල් ආදිය තබා ගන්නා ආකාරය වැදගත් ය.
- තැනට සුදුසු වන ලෙසින් කථා විලාසය අංග චලනය හා හැසිරීමට පුරුදු වීම.
- ප්‍රසන්න කාරුණික මුහුණින් යුතු ව සිටීම. සෘජු සිරුරකින් යුත් ක්‍රියාශීලී ක්‍රියාශීලී පෞරුෂත්වය තිබීම හා නිරෝගී වීම.
ගති ගුණ වලින්
- බොරු නො කීම හා සෑම විටම අවංක වීම
- සේවය කරන තම ආයතනයට හා ඉහළ නිලතල වලට පක්ෂපාතී භාවය හා ගරුත්වය ආයතනයේ වෙළඳ රහස් පිට නොකිරීම ද ඉතා වැදගත් ය.
- වෙනත් රැකියාවක් නොකිරීම හා කේෂ්ත්‍ර නිදහසින් අයුතු ප්‍රයෝජන නොගැනීම.
- ඉවසීමේ ශක්තිය ඇති සංවේදී අයකු වීම හා හොඳ සවන් දෙන්නෙකු වීම.
- මහන්සි නොබලා වැඩි පැය ගණනක සේවය කිරීමට ඇති ආශාව හා හැකියාව ගොඩ නඟා ගත යුතුය.
- බාධක ප්‍රශ්නවලින් මග නොහැර මුහුණ දීමේ කායික මානසික ශක්තියක් තිබීම අවශ්‍ය ය.
- මනා විනයක් හා විශ්වාසවන්ත භාවය සමග තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම
දැනුමෙන්
- තම ආයතනයේ නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලිය අලෙවිකරණය ප්‍රචාරණ කටයුතු හා මූල්‍ය කටයුතු පිළිබඳව පිළිබඳව සතුටු දායක මට්ටමකින් නිතරම දැනුවත් වී සිටීම.
- තම අලෙවි රැකියා ක්ෂේත්රයට අදාල පුවත්පත් සඟරා පොත්පත් කියවා දැනුම වර්ධනය කර ගැනීම.
- අලෙවිකරණය සම්බන්ධ වූ වැඩමුළු සම්මන්ත්රණ හා පුහුණු පාඨමාලාවන්ට සහභාගි වීම හා හැදෑරීම.
- තම ආයතනයේ මාසික රැස්වීම් සාකච්ඡා හා අලෙවි කණ්ඩායම් සමඟ එක්ව දැනුම බෙදා හදා ගැනීම.
- නිතර වෙනස්වන පාරිභෝගික ග්රාහක අවශ්‍යතා මනා ලෙස හඳුනා ගෙන අවධානයෙන් සිට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තිබීම.
- අනෙක් සමාගම් සහ ආයතන වල අලෙවි ප්‍රවර්ධන ක්‍රම නව ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධ කර ගැනීමට සහ තරගකාරිත්වයට මුහුණ දීමේ දී අවශ්‍ය වන දැනුම සොයා හඹා යාම.
- සමාජශීලීත්වය වර්ධනය කර ගැනීම.
- ක්‍රීඩා කරුණු, දේශපාලනික, ආර්ථික තොරතුරු, යුද පුවත් (විද්‍යාව සම්බන්ධව), නව සොයාගැනීම් හා දිනපතා සිදුවීම් පිළිබඳව දැනුවත් බව වර්ධනය කර සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීම.
සකස් කළේ: සුමේධ පිලපිටිය අලෙවි විධායක ජානක බෝගොල්ලාගම සහ සමාගම වේයන්ගොඩ. අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1999 මැයි කලාපයෙන්.
Leave a Reply