අද අපි සාර්ථක කරගත හැකි සිහිනයක ලක්ෂණයක් වන මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද? ගැන කතා කරමු.
එනම් අපේ සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන (Measurable). අපි බොහොම පහසු උදාහරණ ගනිමු.
ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්…
ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්, කොපමණ කිලෝ ගණනක් අඩු කරගැනීම අවශ්‍යද යන්න පැහැදිලි කරගත යුතුයි. ඔබ අසා ඇතිනේ සමහරු කියනවා, මට කිලෝග්‍රෑම් දහයක්වත් අඩු කරගන්න ඕනා කියල?
එහෙම නම් ඔබට හැකි වෙනවා දිනපතා බර බලන විටදී තමන් කොපමණ ප්‍රගතියක් ලබාගෙන ඇතිද, තව බර කිලෝග්‍රෑම් කීයක් අඩු කරගන්න ඕනෑද ඉලක්කය වෙත ළඟ වෙන්න කියන එක.
ඔබ මලල ක්‍රීඩකයකු හෝ පිහිනන්නෙක් නම්…
ඔබ මලල ක්‍රීඩකයකු හෝ පිහිනන්නෙක් නම් ඔබේ වේගය ඔබ හොඳින් අවබෝධ කරගත යුතුයි. එවිට තමයි ඔබ දන්නේ පුහුණුවන දිනක් පතා ඔබේ ප්‍රගතිය.
මෙය නොදැන එම ක්‍රීඩාවෙන් සාර්තක වෙන්න බැහැනේ? වාර්තා බිඳලන්න බැහැ.
අරමුණ දැනට ඉතිරි කරන පමණට වඩා මුදල් ඉතිරි කිරීම නම්…
ඔබේ අරමුණ දැනට මාසයකට ඉතිරි කරන පමණට වඩා මුදල් වැඩියෙන් ඉතිරි කිරීම යයි සිතමු.
ඔබ දැනට ඉතිරි කරන්නේ රුපියල් 2,000 හෝ 5,000 හෝ කියා සිතමු.
ඔබ ගිය මාසේ ඉතිරි කලේ රුපියල් 2,000 යි. මේ මාසේ රුපියල් 2,200ක් ඉතිරි කලොත් ඔබ සතුටු වෙනවද? එහෙම නැතිනම්, ගිය මාසයට වඩා රුපියල් කීයක් වැඩිපුර එක කලොත්ද ඔබ සෑහීමකට පත්වන්නේ කියා ඔබ විසින් හිතා බැලිය යුතුයි. මැනිය හැකි සිහිනයක් යනු එයයි.
ඔබට අවශ්‍ය දැනට වඩා වැඩි මාසික ආදායමක් නම්…
හිතමු ඔබට අවශ්‍ය දැනට වඩා වැඩි මාසික ආදායමක් කියල. මේ සඳහා රැකියා සොයා ඔබ සම්මුක සාකච්චාවක් සඳහා ගියාම, එහි මානව සම්පත් කළමනාකරු අහනවා දැනට පඩිය කීයද කියල. ඔබ එය කිව්වම, ඔබට ඊට වැඩ රුපියල් 250ක් වැඩි පඩියක් දෙන්නම් කිවුවොත් ඔබට හොඳයිද? මදිනේ?
එහෙනම්, ඔබට පැහැදිලිවම මැනිය හැකි විදියට “දැනට වඩා වැඩි මාසික ආදායමක්” යන්න නිර්වචනය කල යුතුයි. ඒ රුපියල් 500ද 1000ද 1500ද 2500ද 5000ද යනාදී ලෙස පැහැදිලිව සිතා ගන්නේ ඕනේ.
ඔබට අවශ්‍ය දැනට වඩා වැඩි මූලික වැටුපක්ද, දීමනා සහිත ගෙදර ගෙනයන වැටුපක්ද යන්න ගැනත් සිතන්න ඕන. එවිටයි ඔබ දන්නේ ඉලක්කය සපිරුනාද කියා.
එසේනම් සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ වූ විට අපට දැනගන්නට, මැනගන්නට හැකි වීම.
ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න.
#success #දියුණුව #දියුණුවYouTubeChannel
දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
Diyunuwa Success Group – දියුණුව Facebook කණ්ඩායමට අදම එක්වන්න.
Twitter: @Diyunuwa
දියුණු වන්නට කැමති ඔබ දැන්ම දියුණුව YouTube චැනලයට subscribe කර දියුණුවේ මාවතට පිවිසෙන්න. දියුණුව සොයා ඔබ යන ගමනේ මා ඔබට ජයග්‍රහණය ප්‍රර්ථනා කරනවා. ඔබට ජය!
Photos: Pixabay, Guduru Ajay bhargav and Brett Sayles from Pexels
Leave a Reply