මිටි කෙනෙක් උස කෙනෙක් අසලට ගිය විට තමන්ගේ මිටි කම වැටහෙනවා. කෙට්ටු කෙනෙක් මහත කෙනෙක් ළඟට ගියවිට තමන්ගේ කෙට්ටු බව වැටහෙනවා. මෙලෙසින් බොහෝවිට තමන්ගේ අදක්ෂතා වටහාගත හැක්කේ දක්ෂ කෙනෙක් ළඟට ගිය විටයි. ළඟට ගොස් තමන්ගේ අදක්ෂ අඩුපාඩු මඟහරවා ගන්නේ නුවණ තිබෙන අය පමණයි.
බොහෝදෙනා තමන් ළඟ දක්ෂතා නැතත් තමන් දක්ෂයෙක් යැයි සිතනවා. දක්ෂ අයට පවා උගන්වන්න යනවා. එය ඔවුන්ගේ මෝඩකමයි. තමන්ට වඩා ගුණයෙන්, නුවණින්, සීලයෙන් උතුම් කෙනෙක් ඇසුරු කරන්නට ලැබෙන විට එය ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස සලකා තම අගුණ, දුර්වලකම් අඩු කරගන්නට උත්සාහ කළ යුතුයි. ඒ වෙනුවට එම ශ්‍රේෂ්ඨ පුද්ගලයා තමන්ට ඉතා සමීප බව සමාජයට ඒත්තු ගැන්වීමට පමණක් උත්සාහ ගන්නවා. අනුන්ගේ ගවයින් රකින ගොපල්ලකු සේ එම පුද්ගලයාගේ ජීවිතයේ ඉතිරි වෙන යමක් නැහැ.
එබැවින් ඔබ ගුණවත් උගතුන් ඇසුරෙන් ජීවිතය ජයගන්න.
Leave a Reply