නිරෝගීකම

Photo by VisionPicdotnet from Pexels

නීරෝගීකම උතුම්ම ලාභයයි. ලෙඩ වුණාම ආර්ථික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවත් කියන දෙකම පිරිහෙනවා. අසනීප කම් තියෙනකොට අලුතෙන් ධනය උපයන්නට මහන්සි වීමට අපහසුයි. තිබෙන ධනය ප්‍රතිකාර සඳහා වියදම් කරන්නට සිදුවෙනවා. නිරෝගී කම තිබෙනවා නම් මෙහෙම ආර්ථික හානියක් වන්නේ නැහැ.

ලෙඩ දුක් හැදෙන කොට බොහෝ දෙනා මනසින් වැටෙනවා. මනසත් ලෙඩ කර ගන්නවා. ගත ලෙඩ වෙන එක ස්වභාවිකයි. සිත ලෙඩ වන්නේ අපේ ම ඇති නොසැලකිල්ල නිසයි. සිතට විෂබීජ ඇතුළු වුණොත් ප්‍රතිකාර කිරීම ගොඩක් අපහසු දෙයක්. ඒ නිසා උත්සාහ කළ යුත්තේ ලෙඩක් හැදුණාට පසු බෙහෙත් කිරීම නොවෙයි. එබඳු ලෙඩ හදා නොගන්නට උත්සාහ කිරීමයි. එහෙම උනාම මෙලොවත් පරලොවත් දෙලොවම දියුණුව ලබන්න පුළුවන්.

පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් රචිත සිතිවිලි: සිතන්නට නව මාවතක්  පොත් පිංච ඇසුරෙන්
Photo by VisionPicdotnet from Pexels
Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: