යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත් වී සිටින නිසයි.
බොහෝ දෙනා තරුණකම අනිසි ලෙස භාවිත කරනවා. තරුණ වියෙහිදී සිරුර සවිමත් වන බව ඇත්ත. නමුත් ඒ සවිමත්කම සදා නොරැඳෙන එකක් බවද දැන ගත යුත්තක්. ඇතැම් අය සිතනවා තම සිරුරෙහි මස්පිඬු පෙන්වීම, අනවශ්‍ය ලෙස උස් හඬින් කතා කිරීම, රංචු ගැසී ඇවිදීම තාරුණ්‍යයේ ලක්ෂණයක් කියා. එය අවිචාරවත් තාරුණ්‍යයේ ලක්ෂණයක් තමයි. මසුන් නැති විල් තෙරක ලතවෙන තටු සිදී ගිය කොස්වා ලිහිණියෙක් සේ වයස්ගත වූ පසු තම ජීවිතය ගැන සිතා දුකට පත්වෙන ලෙස කටයුතු කරන්න එපා. ආර්ථිකවත් ආධ්‍යාත්මිකවත් දියුණු වන්නට තිබෙන හොඳම කාලය තරුණ කාලයයි.
Leave a Reply