රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි.
1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා
ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන් දීමෙන් පසුතැවිලි වීම් වලක්වා ගත හැකියි.
2. ඔබේ ප්‍රියතම ඉගෙනීමේ ශෛලිය අමතක කරන්න එපා
Photo by Tranmautritam from Pexels
අපි හැමෝම ඉගෙනගන්නේ එකම දේ වුනත් අප එම දැනුම ලබාගන්නේ විවිධාකාරයෙන්. හැමෝටම ප්‍රියතම, වඩාත් ගැලපෙන ඉගෙනීමේ ශෛලියක් තිබෙනවා. සමහරු කියවා ඉගෙනීමට ප්‍රියයි. තවත් අයට අවශ්‍ය යමකට හෝ කෙනෙකුට සවන්දීමෙන් ඉගෙනගන්න. ලියලා, හිතලා, අත්හදාබලලා යනාදී විවිධ ක්‍රම වලට ඉගෙනගන්න හැකියි. සමහරු වඩාත් සාර්ථකව ඉගෙනගන්නේ අනුන්ට ඉගැන්වීමෙන්.
ඉතින් රැකියා මගක් තෝරා ගැනීමේදී ඔබ වඩාත් කැමති ශෛලියට ගැලපෙන විදියේ රැකියා මගක් තෝරාගන්න. එය ඔබේ සාර්ථකත්වයට බොහෝ සේ බලපාන්න පුළුවන්.
3. ඔබේ අගයයන්, අභිලාෂයන්, ඔබ ප්‍රියමනාප දේ සහ අකමැති දේ සලකා බලන්න.
Photo by Nishant Aneja from Pexels
ඔබේ අගයයන්, අභිලාෂයන්, ප්‍රියමනාප දේ, අකමැති දේ යන මේ සියල්ල රැකියා මගක් තෝරා ගැනීමේදී වැදගත් වෙනවා.
එසේ නොකලොත් සිදු වන්නේ ජීවිත කාලයම දුක් වීමට සහ පසුතැවිලි වීමට. ඔබ අප්‍රිය කරන, ඔබගේ අගයයන්ට නොගැළපෙන රැකියා මගකට පිවිසීමෙන් පසුවට බොහෝ කරදර වෙන්න පුළුවන්. ශාරීරික මෙන්න මානසික ගැටළු වලටද නොගැළපෙන රැකියාවන් මගපාදනවා. ඒ ගැනත් සිතන්න.
4. ඔබට සියයට සියයක් ගැළපෙන රැකියාවක් හෝ වෘත්තියක් නැහැ
Photo by Donald Tong from Pexels
ඔබට සියයට සියයක් ගැළපෙන “හරියටම හරි” රැකියාවක් හෝ වෘත්තියක් තිබේ යයි විශ්වාස කරන්න එපා. කිසිවක් නළලේ කොටලා නැහැනේ? අප හැමෝටම වගේ විවිධාකාර රැකියා මං තුලින් සාර්ථක වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ විවෘත මනසක් සහ මනා ආයාසයක් ඒ කෙරෙහි යොමු කිරීමයි. ආදරය ගැනත් කියන්න තියෙන්නේ මේකම තමයි. අපව “[පතා උපන්” අය නැහැ . ආදරේ ගැන වුනත්, රැකියාව ගැන වුනත්, ජීවිතේ කොයි දේ ගැන වුනත් අපට “හරියටම හරියන” තැන් හොයන්න ගියොත් එය බොහෝ දුරට දුක්බර ජීවිතයකට වට්ටෝරුවක්ම වේවි. එබැවින් හරියටම නොගැළපුනත් බොහෝ දුරට ගැළපෙන විකල්ප තෝරාගන්නට පසුබට වන්න එපා.
5. විශ්‍රාම යනතෙක් මේ රැකියාවේ ඉන්නට හැකිය යන යල් පැනගිය විශ්වාසය අතහරින්න
Photo by Alex Knight from Pexels
එහෙම විකල්ප තිබුනේ අපේ සීයලා ආච්චිලාගේ කාලේ. 21 වැනි සියවසේ ජීවත් වන ඔබට කලින් කල රැකියා පමණක් නොව රැකියා මං පවා කිහිප වරක් වෙනස් කරගන්නට වේවි. යථාර්තය එයයි. නවීන තාක්ෂණයත් සමග රැකියා ලොවද වෙනස් වෙනවා. ඉස්සර තිබු රැකියාවන් නැතිව යනවා. අලුත් රැකියාවන් බිහිවෙනවා. අලුත් වෘත්තීන්, අලුත් කුසලතා, අලුත් විදියට සිතීම විවෘත මනසකින් යුතුව පිළිගන්නට ඔබ සුදානම් විය යුතුයි. වෙනස් වන රැකියා ලොවට ගැළපෙන නව කුසලතා දියුණු කරගන්නට අප කවුරුත් උනන්දු විය යුතුයි.
6. ඔබේ රැකියාවේ සියලු අංශ ඔබට ප්‍රිය විය යුතුයැයි වන අදහස දැන්ම ඉවත දමන්න
Photo by Gratisography from Pexels
එය වැරදි අදහසක්. ඔබ තෝරාගන්න රැකියා මග හෝ රැකියාව කුමක් වුවත්, එහි සියලු යුතුකම් හා වගකීම් ඔබට ප්‍රිය වෙන එකක් නැහැ. එසේ වෙනවා නම් ඔබ හරිම වාසනාවන්තයි. නමුත් අප කොයි කාගේත් රැකියා වල අප කරන්නට අකමැති දේ අඩංගු වෙනවා. ඕනෑම කෙනෙක්ගෙන් මේ ගැන අහන්න ඔබට පුළුවන්. එනිසා, සාර්ථකත්වයේ මග සැළසෙන්නේ ඍණාත්මක දෙයින් අඩු ධනාත්මක නැතිනම් ඔබ ප්‍රිය කරන දේ වැඩි රැකියා මගක් තෝරාගැනීමෙන්.
මෙම ලිපියේ තෙවැනි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන Future Minds ප්‍රදර්ශනය ආශ්‍රිතව පැවැත්වූ දේශනා සඳහා මවිසින් මේ ලැයිස්තුව සකස් කලේ දරුවන් සහ දෙමාපියන් වැරදි තීරණ ගැනීමෙන් මතුවට කරදර වලට මුහුණ පෑම වැලැක්වීමට සහ මුළු දිවියටම වැදගත් වන මේ තීරණය ගැන හොඳින් හිතා බැලීමට ඔවුන් යොමු කරවීමටය.
මෙය ප්‍රයෝජනවත් නම් ඔබේ පවුලේ අය, මිතුරන් සහ එයින් ප්‍රයෝජනයක් ගත හැකි අයට කියවීමට share කරන්න.
ඔබ මේ කරුණු ගැන දරන අදහස් අප සමග බෙදාගන්න.
මුල් ලිපිය (16 Things You Shouldn’t Do in Choosing a Career) සහ සිංහල අනුවාදය:
නිලුකා දිසානායක, ACMA, MBA (Strathclyde)