ඔබ සතු වටිනාම වස්තුව ඔබේ මනසයි. නමුත් ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද?
අනෙක් වත්කම් වලට දක්වන සැළකිල්ලවත් මොළයටද දක්වන්න
ඔබ නිතිපතා ඔබ දත් මැද මුහුණ සෝදා පිරිසිදු වෙනවා. නානවා. ඔබ ඔබේ ඇඳුම් සෝදා වෙලා මැද ගන්නවා. මනා සේ අස්කර තබනවා. ගේ දොර අමදිනවා. පිරිසිදු කරනවා. මකුළුදැල් කඩනවා. ගෘහභාණ්ඩ දුහුවිලි පිසදමා පිරිසිදුව තබාගන්නවා. වාහනය සෝදනවා, සමහර විට පොලිෂ් කරනවා. ඔබ ඔබගේ සපත්තු පවා පිහිදා පිරිසිදු කරනවා. පොලිෂ් කරනවා.
නමුත් ඔබ සතු වටිනාම වස්තුව වන ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කළේ මොනවාද? ඊයේ කළේ මොනවද? මේ සතියේ කළේ මොනවාද?
බොහෝ දෙනෙක් කියන්නේ “කිසිවක් නැත” කියලයි. ඒ ගැනත් සිතිය යුතුයි.
අපේ අතපය භාවිතා නොකලොත් ඒවා දුර්වල වෙනවා.අපේ මොළයත් එසේමයි.
මොළය සහ එය මත පදනම් වූ මානසික බලය සවිමත්ව තබාගන්න නම්, තවත් ප්‍රබල කරන්න නම් අප විසින් යම් ආයාසයක් දැරිය යුතුයි. අඩු ගන්නේ ඔබේ අනෙක් වත්කම් වලට දක්වන සැළකිල්ලවත් මොළයටද දක්වන්න.
ඔබේ මනස මනා සේ රැකගැනීමට වැදගත් පියවර 13ක් @MindcultureGuru වෙතින්
- හොඳින් නිදාගන්න.
- ඔබේ දිනය සැලසුම් කරන්න. හැමටම ඇත්තේ දිනකට පැය 24කි.
- හොඳ සිහියෙන් සිටින්න. කරන දෙයට මනා අවධානය යොමුකරන්න. කිහිප දෙයක් එකවර කරන පුරුද්ද නවත්වන්න.
- ඔබගේ ප්‍රමුඛතා හඳුනාගන්න. ඒ අනුව ක්‍රියා කරන්න.
- සන්සුන් වන්න. ශරීර සුවතාවය ගැන උනන්දුවන්න. මානසික ආතතිය (stress) ඔබේ කායික හා මානසික සුවතාවට අහිතකරය.
- පෝෂ්‍යදායී ආහාර වලට පුරුදු වන්න. එය ඔබේ සිරුරද, මනසද මනා සේ පෝෂණය කරයි.
- ඉගෙනගන්නෙක් (learner) වන්න. කුතුහලය වැදගත්ය. දිනපතා යම් අලුත් දෙයක් ඉගෙනගන්න.
- වර්ධනාත්මක මනොවිහිතියක් (growth mindset) ගොඩනගා ගන්න. උත්සාහයෙන් ඔබගේ බුද්ධිය වර්ධනය කරගත හැකි බව විශ්වාස කරන්න. පරාජයන් හා වැරදීම් සාර්ථකත්ව මගේ අනිවාර්ය කොටස්ය.
- ශුබවාදී වන්න. ශුබවාදීව හිතන්න, කතාකරන්න, හැසිරෙන්න. දුක්ගනවිලීම් චෝදනා ඉවතලන්න.
- ප්‍රමෝදය, සතුට සොයන්න. දිනපතා සිනාවකින් ලොවට මුහුණ දෙන්න.
- ඔබට ලැබී ඇති දේ ගැන නීති පතා ස්තුතිවන්ත වන්න. දිනපතා ඔබේ වාසනාවට දායකවන දේ ගැන සිතන්න.
- දෙන්නෙක් වන්න. (Be a giver). කාට හෝ කුමක් හෝ දිනපතා උගන්වන්න. අන් අයට සවන් දෙන්න.
- මේ නව දිවිය අදම ආරම්භ කරන්න. කිසිදෙයක් වෙනතුරු බලා නොසිට ක්‍රියාත්මක වන්න.
Leave a Reply