නව තනතුරෙහි ඔබ මුහුණ දෙන සියලු අභියෝග මෙයට ඇතුලත් නොවෙන්න පුලුවන්. නමුත් මෙහි සඳහන් වන්නේ පොදුවේ වැඩි දෙනෙක් මුහුණ දෙන අභියෝගයි.
අනාගතයේ ඒ එක එක අභියෝගයට සාර්ථකව මුහුණ දී රැකියාවේ ඉදිරියට යන මග ගැන කතා කරමු.
අභියෝගය 01: කලින් ඔබේ සගයන් දැන් ඔබ යටතේ සේවකයන් වෙලා.
දෙවැනි ලිපිය මෙහිදී කියවන්න පුළුවන්.
අභියෝගය 02: කලින් ඔබ වැඩ කළා. දැන් ඔබේ වගකීම වැඩ අනුන් ලවා කරව ගැනීමයි.
මේ සඳහා වෙනම මනොවිහිතියක් (mindset එකක්) අවශ්‍යයි.
අභියෝගය 03: ඇසිය යුතු ප්‍රශ්න අසන්නට පැකිලීම හෝ ප්‍රශ්න අසන්නට ආඩම්බර වීම
අලුත් කළමනාකරුවන්ගේ සාර්ථක බවට බොහෝ බාධා ඇති කරන අභියෝගයක්.
අභියෝගය 04: පැහැදිලිව අනෙකෙකුට උපදෙස් දීමට නොහැකියාව
අන් අය ලවා වැඩ කරවා ගැනීමේදී ඇතිවන බරපතල අභියෝගයක්.
බොහෝ විටදී අපි දන්නෙත් නැහැ අපිට පැහැදිලිව උපදෙස් දීමට නොහැකි බව. ගෝලයින් වැඩ අනාගැනීමට මෙය බොහෝ විට හේතු වෙනවා.
අභියෝගය 05: සේවකයින්ගේ සාධාරණ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සුදානම් නොවීම.
මාන්නය හෝ යම් වෙන හේතු නිසා අප යටතේ සිටින අය ප්‍රශ්න නැගීම ගැන බොහෝ කලමණාකරුවන් අකමැත්තක් දක්වනවා. නායකත්ව තනතුරු දරන අපගේ සාර්තකබවට මෙය විවිධාකාරයෙන් බලපානවා.
අභියෝගය 06: වැරදි පිළිගැනීමට අකමැතිකම තවත් අභියෝගයක්.
ඔබගේ රැකියා දිවිය තුල ඔබ අතින් බොහෝ වැරදි සිදුවේවි. එය කාටත් පොදු දෙයක්. නමුත් මෙවැනි විටකදී අපි එයට ප්‍රතිචාර දක්වන අයුරු වැදගත්. වැරදි පිලිගෙන් එයින් උගෙන ඉදිරියට යන්න සුදානම් විය යුතුයි.
අභියෝගය 07: විචාර පිළිගැනීමට හැකියාව සමහරුන්ට නැහැ.
සුබවාදී මනසකින් විචාර පිලිගෙන් එයින් ඉගෙන ගැනීම වෙනුවට ඒ ගැන තරහ ගැනීමෙන්, අපගේ අනාගත සාර්ථක බවට බාධා පැමිණෙනවා.
අභියෝගය 08: වර්ධනාත්මක මනොවිහිතියක් ගොඩනගා ගැනීමද නව කළමනාකරුවාට අභියෝගයක් විය හැකිය.
හොඳ ‘ලොක්කෙක්’ වන්නට මෙවන් ආකල්පයක් අවශ්‍ය වේ. වර්ධනත්මක මනොවිහිතියක් ඇත්තා පරාජයට, විචාරයට බිය නොවේ. එලෙසම නිසි ලෙස සේවක වැරදි වලට මුහුනදීමට, ඒවා අනාගතය සඳහා එගේනීමට අවස්ථා ලෙස සැලකීමටත් ඔවුනට හැකිය.
අභියෝගය 09: නිවැරදි විවේචනය.
වුන වරදින් උගෙන, සේවකයා නොපෙලන ලෙස විවේචනය වැදගත්ය. මෙයද වර්ධනාත්මක මනෝ විහිතියකින් තුලින් ගොඩ නගා ගත හැකි ගුණයකි.
අභියෝගය 10: කාල කළමනාකරණය සහ පලදායිත්වයද නව කළමනාකරුවන්ට මුහුණ දීමට සිදු වන පොදු අභියෝගයන්ය.
කළ යුතු සියලු දේ තිබෙන වෙලාව තුලින් ඉටු කර ගැනීමට යම් සංයමයක් අවශ්‍යය.
අභියෝගය 11: කණ්ඩායමක් ඉදිරියේ නැගිට කතා කිරීමද සමහරුනට අභියෝගයකි.
නායකත්ව තනතුරක් දරන්නට නම් අනිවාර්යයෙන්ම සොධාරණ මට්ටමකට මේ කුසලතාවය ගොඩ නගා ගත යුතු වේ. ඉහළ කළමනාකාරිත්වයෙන් එන ප්‍රශ්න වලට රැස්වීමකදී නොබියව උත්තර දෙන්නට සහ තම කණ්ඩායම නිසි ලෙස එවන් තැනකදී නියෝජනයට නම් මෙය අනිවාර්ය කුසලතාවයකි.
අභියෝගය 12: ප්‍රශ්න විසඳීම සහ තීරණ ගැනීම.
ලංකාවේ දරුවන් උපන් දා සිට විශ්ව විද්‍යාල මටටමට යන තුරුද ‘මේ දේ කරන්න’, ‘මේ දේ එපා’, ‘ඔහොම නෙමෙයි මෙහෙම කරන්න’, යනාදී ලෙස හැම දේම කියා දෙනවා මිස ගුරු දෙගුරු කොයි අයත් ඔවුනට තමන්ගේ මොලයෙන් සිත බලා තීරණ ගැනීමට සහ ප්‍රශ්න විසඳීමට පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. මෙය රැකියා ලොවට එක්වන තරුණ පෙලට කරන විශාල අසාධාරණයක්. ජීවිතයේ සහ රැකියාවේදී නිසි ලෙස තීරණ ගැනීමට සහ එදිනෙද මුහුණ දෙන සුළු හෝ බරපතල ගැටළු විසඳීමට නම් යම් හෝ පුහුණුවක් අවශ්‍යයි. එය මේ වන විට ඔබට ලැබී නොමැති නම් එයත් සාර්ථක බවට මහත් අභියෝගයක් වේවි. මෙයට පහසු සරල විසඳුම් තිබෙනවා. අපි ඉදිරියට ඒ ගැනත් කතා කරමු.
අභියෝගය 13: ප්‍රමුඛතා හඳුනා ගැනීම සහ හදිසි සහ වැදගත් දේ අතර වෙනස හඳුනා ගැනීමේ හැකියාව.
හදිසි නොවන දේ සහ නොවැදගත් දේ හඳුනා ගැනීමත් එලෙසින්ම වැදගත්. මෙය ඍජුවම පුද්ගලික පලදයිත්වයට බලපානවා. නමුත් රැකියාවේදී, තම ප්‍රමුඛතා හඳුනා වැඩ කරන අතරම තම ගෝලයින්ගේ ප්‍රමුඛතා හඳුනාගන්නට ඔවුන්ට උපකාර කිරීම තුලින් සහ සාර්ථකව වැඩ කරවා ගැනීම තුලින් සාර්ථක කළමනාකරුවකු හෝ සුපවයිසර්වරයකු වීමට ඔබට හැකි වෙනවා.
අභියෝගය 14: තමාට සහ අවස්ථාවටද රැකියා ස්ථානයටද ගැලපෙන නායකත්ව ශෛලියක් ගොඩ නගා ගැනීම වැදගත්.
නායකත්ව ශෛලීන් බොහෝ තිබෙනවා. නායකත්ව මෙවලම් මල්ල බොහෝ මෙවලමින් යුතු ගැඹුරු මල්ලක්. එයින් තැනට, සේවකයාට, අවස්ථාවට ගැලපෙන ලෙස තම ස්වභාවික ශෛලිය ගොඩනග ගැනීම ප්‍රයෝගිකවම, සිතා බලා, ප්‍රවේශමෙන් සහ අත්හදාබැලීමෙන්ම කලයුත්තක්. එනිසාම තමයි නව කළමනාකරුවන්කෙසේ වෙතත් පරිනත කළමනාකරුවන්ට පවා මේ කාර්යය දුෂ්කර වන්නේ. කෝකටත් තෛලයක් වන කළමනාකරණ ශෛලියකින් වැඩි ප්‍රයෝජනයක් නැහැ. කාර්යක්ෂම කළමනාකරුවකු වීමට අවශ්‍ය වන්නේ සුදුසු තැනට සරිලන ශෛලයක් භාවිතයට හැකි වන තත්වයක් කර ළඟා වීමයි. මේ සඳහා කළමනාකරුගේ මෙවලම් මල්ලේ ඇති විවිද මෙවලම් ගැන හොඳින් දැනගෙන ඒවා නිසි ලෙස භාවිතය උගත යුතුයි.
අභියෝගය 15: නිසි තත්වයක් සහ විව්ධාකාර අපේක්ෂා අතර සන්තුලනයක් ඇතිකර ගැනීමද නව කළමනාකරුගේ අභියෝගයක්.
ඔබ දැන් සිටින්නේ පෙරට වැඩ ඉහල මට්ටමක. තනතුරින් ද ඉහලයි. වැටුපද පෙරට වඩා වැඩියි. ඔබ වෙතින් අන් අය–රැකියාවේ ඔබගේ ඉහල කළමනාකරුවන්, ඔබේ සගයින් වන අනිත් කළමනාකරුවන්, ඔබගේ පෙර සගයින් වූ අය–මේ කොඉ කවුරුත් අපේක්ෂා කරන දේද පෙරට වඩා වෙනස්. ඔබේ මිතුරන් සහ හිතවතුන්ද, පවුලේ යද ඔබේ නව තනතුර ගැන සිතා ඔවුන්ගේ අපේක්ෂා ඉහලට දමන බව අනිවාර්යයි. මේ සියලු අපේක්ෂා නොබිඳ, නමුත් ඒවාට හිරකරුවෙකු නොවී ඒවා නිසි සේ පාලනය කරගැනීමද ඔබ මුහුණ දෙන අභියෝගයක්. ප්‍රවේසමෙන් කල යුත්තක්.
අභියෝගය 16: රැකියාවේ විවිධ මට්ටමේ අය සමග නිසි සම්බන්දතා ගොඩනගා ගැනීමද නවකයිනට අභියෝගයක් විය හැකියි.
කවුරු සමගින් කොයි ආකාරයට හැසිරිය යුතුදැයි තීරණය හැම විටම පැහැදිලි නොවෙන්න පුළුවන්. සැමගේ විශ්වාසය දින ගනිමින්, තම චරිතය සුරැකෙන අයුරින් හැසිරීම සරල දෙයක් නොවේ. විශේෂ යෙන්ම ඉහල කළමනාකාරිත්වය සමගින්ද ඔබේ සගයින්ව සිටි දැන් ගෝලයින් සමගින්ද හැසිරීමේදී අනිසි ලෙස පැති ගැනීමකින් හෝ අසාධාරණයකින් තොරව තීරණ ගැනීම සහ කතා කිරීම එතරම් පහසු නොවේවි. නමුත් ඔබ එය කල යුතුය. පැති ගැනීම කලයුතු විටදී හැකි තරම් අනිසි පල සහ පාඩු අවම වන අයුරින් එය කල යුතුයි.
සෑහෙන දිග අභියෝග ලැයිස්තුවක්!
ඔබ නව කළමනාකරුවකු හෝ සුපවයිසර්වරයකු සේ මුහුණ දෙන හෝ මුහුණ දුන් අභියෝග මෙහි ඇතුලත් නොවේනම් කමෙන්ටුවක් ලෙස එය මෙහි එක කරන්න.
මෙහි ඇති, නැති විවිධාකාර අභියෝග ගැන අනාගත ලිපි වලින් කතා කරමු.
කරුණාකර මෙම කතාබහ සාර්ථක සහ හරවත් කරගන්නට ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්නට ආරාධනා කරනවා.
ඔබේ අපේක්ෂා යථාර්තයක් කරගන්නට අත්වැලක් මෙයින් ලැබේවි යයි සිතන මම
නිලූකා දිසානායක
Follow @NVEDissanayake on Twitter | Facebook.com/BusinessTrainerSriLanka
Leave a Reply