අපි හැමෝම ජීවන මගේ ඉදිරියට යන්නේ ජීවන සිහින ගොඩක් හිතේ පොදි බැඳගෙන. නමුත් විවිධාකාර හේතු නිසා අපට මෙයින් බොහොමයක් සැබෑ කරගන්නට නොහැකි වෙනවා.
සිහින බොඳ වීමට හේතු
එයින් එක ප්‍රධාන හේතුවක් තමයි අපට සිහින් සැබෑ කරගන්නට අවශ්‍ය වන මුදල් නොමැති වීම. අප මේ ගැන දන්නා නිසා තමයි මුදල් පාලනය දියුණුව YouTube චැනලයේ එක ප්‍රධාන කොටසක් වෙන් කළේ. [Link]
මුදල් තිබුනත්, සමහර විට වෙනත් පවුලේ හේතු නිසා අපේ සිහින කල් දමන්න අපට සිදු වෙනවා. අප හෝ පවුලේ යමෙක් ලෙඩ වීම වැනි දේ නිසාද අප දියුණුව කරා යන ගමන මන්දගාමී වෙනවා. මේවා අවාසනාවන්ත දේවල්.
තවත් හේතුවක් තමයි අපගේ කාල කළමනාකරණය දුර්වල වීම. විභාග සමත් වීම, රැකියාවේ උසස් වීම් ලබාගැනීමට නොහැකි වීම, රැකියා මගේ ඊළඟ හිනිපෙත්ත නැගීමට නොහැකි වීම වැනි දේ සිදුවෙන්නේ අපගේ යම් හෝ දුර්වලකම් නිසා.
ජීවිතයේ ප්‍රමුඛතා හඳුනාගන්නට නොහැකි වීමත් සිහින බොඳ වී යාමට බලපාන තවත් හේතුවක්.
දියුණුව YouTube චැනලයේ ස්වයං සංවර්ධනය පිලිබඳ කොටසින් මෙවැනි කුසලතා ඉගෙනගන්න අවස්ථාවක් ඔබට හිමි වෙනවා.
තමාට ගැලපෙන රැකියාවක් ලබාගැනීම බොහෝ රැකියා අපේක්ෂකයන්ගේ සිහිනයක්. නමුත් රැකියා ලොව ජයගන්න උපාධි හෝ වෙනත් කාර්මික හෝ තාක්ෂණික සුදුසුකම් පමණක් ප්‍රමාණවත් නැහැ. අපට රැකියාව ලබාදෙන ආයතනය අපෙන් 21 වැනි සියවසට අදාළ බොහෝ කුසලතා බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ උපාධිධාරයෙක් වුනත් පරිගණක භාවිතය නොදනීනම්, ඔබගේ වෘත්තීය මගට අදාළ වෙනත් විශේෂ කුසලතා නැතිනම් ඔබට බොහෝ විට එම රැකියාව නොලැබී යනවා. එම කුසලතා සතු අයව එයට් තේරෙනවා.
මේ කුසලතා මොනවද යන්න හඳුනාගැනීම වැදගත්. පොදුවේ, රැකියා ලොව ජයගන්නට අදාළ වන කුසලතා වැඩි දියුණු කරගන්නත් දියුණුව YouTube චැනලය අත්වැලක් වෙනවා. රැකියා මග කොටසේ අයත් වන්නේ මෙවන් දේ ගැන තොරතුරු.
රැකියාවක සාර්ථකත්වය ගැන මෙහෙම කියමනක් තිබෙනවා:
ඔබට රැකියාවක් ලැබෙන්නේ සුදුසුකම් වලට. නමුත් ඔබට එම රැකියාව තියාගන්නට හැකි වන්නේ ඔබේ ගතිලක්ෂණ සහ අන් අය සමග එක්වී වැඩ කිරීම හැකියාව මතයි.
IQ වලින් මනින්නේ බුද්ධියයි. EQ වලින් මනින්නේ තමන්ගේ සහ අන් අයගේ හැගීම් හඳුනා ගැනීමට සහ පාලනය කරගැනීමේ හැකියාව. මේ දෙකම සංකලනයෙන් තමයි රැකියාවක සාර්ථක විය හැක්කේ. අපි මේ ගැන වෙන දවසක සොයා බලමු ස්වයං සංවර්ධනයේ කොටසක් ලෙසින්.
Leave a Reply