ඔබට දියුණු වෙන්න ඕනෑ කොයි අතින්ද?
බොහෝ වැඩමුළු සහ සම්මන්ත්රණ වලදී මම මේ ගැන අහනවා. එයට විවිධාකාර පිළිතුරු ලැබෙනවා.
මම ඔබෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද?
- අධ්‍යාත්මික අතින් වැඩි දියුණුව
- ගතිගුණ, හැසිරීම් හෝ හොඳ පුරුදු අතින්
- නරක පුරුදු නැතිකරගැනීමෙන්
- දැනට වඩා මාසික ආදායමක් ලැබීම
- දැනට වඩා මුදල් සහ වෙනත් වත්කම් අතින්
(ඉඩකඩම්, ගෙවල්දොරාවල්, වාහන, වෙනත් වත්කම්) - විභාග සමත් වීම මගින්
- අධ්‍යාපනය අතින් වැඩිදියුණුව (තමාගේ හෝ දරුවන්ගේ හෝ පවුලේ අන් අයගේ)
- රැකියාවක් සොයාගැනීම
- දැනට තිබෙන රැකියාවේ උසස් වීමක්
- දැනට වඩා වැඩි වැටුපක්
- දැනට ජීවිතේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම
- දැනට වඩා මානසික සහනයක්
- දැනට වඩා මනස දියුණු කරගැනීමට අවස්ථා (භාවනාව, කියවීම යනාදියට)
- දැනට වඩා පලදායී ලෙස පුද්ගලික කටයුතු කරගැනීමට හැකිවීම
- රැකියාවේ පලාදයිත්වය
- රැකියාව ගැන තෘප්තිමත් බව දියුනු කරගැනීම
- රැකියා ස්ථානයේ ප්‍රසන්න සම්බන්ධතා
- වඩාත් සමීප, සොඳුරු පුද්ගලික සම්බන්ධතා (relationships)
- දැනට වඩා ජනප්‍රිය වීම (Facebook friends, Likes, Shares)
- දැනට වඩා පිළිගැනීමක්
- දැනට වඩා බලයක් ලැබීම
- දැනට වඩා හොඳ ජීවන තත්වයක්
- වෙනත් මොන අතින්ද?
මේ කොයි අතින් ඉදිරියට ගියත් ඔබ දිනුම්.
Leave a Reply